දැක්ම
රුහුණු ගිරුවා පත්තුවේ අභිමානවත් පුරවරය එකමුතුව ගොඩනගමු.
මෙහෙවර ප්‍රකාශය
ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විවරණය සුභ සාධනය හා සුභ සිද්ධියට ඉවහල් වන සියලු පහසුකම් සැළසීම,ප්‍රවර්ධනය කිරීම හා පරිපාලනය අරමුණු කොටගෙන ප්‍රදේශයේ ස්වේච්ඡා සමිති රජයේ සහ ඊට අනුබද්ධිත ආයතන සමඟ සුහදතාවයෙන් සහ සම්බන්ධතාවයෙන් කටයුතු කිරීම අභිලාශයෙන් වත්මන් ක්‍රියාදාමයන් උදෙසා මහජනතාව විසින් අප වෙත භාරදෙන ලද කාර්යභාරය ඔව්න් වෙනුවෙන් උපරිම මට්ටමින් ඉටු කිරීම අපගේ අධිෂ්ඨානයයි.
වත්මන් නායකත්වය
සභාපති - ලක්ෂ්මන් පල්ලියගුරු මයා
සභාපතිතුමාගේ පණිවිඩය කියවන්න
1948 වසරේ ගම් සභාවක් ලෙස ආරම්භ වි විවිධ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු වෙමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 ක වපසරිය තුළ ග්‍රාම නිලධාරී වසම් 112 ක් අයත් ඓතිහාසික වටිනාකම් රැසකින් ද වීරකැටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සමන්විත වේ.කාර්ය සාධන උපායමාර්ගික සැලසුම් සහ අයවැය ගත ව්‍යාපෘති ආදිය සකස් කොට ඒ හරහා විධිමත් පිරිසිදු නගර නිර්මාණය, බල ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාධනය සහ ජීවන තත්ත්වය ඉහල නැංවීම, යටිතල පහසුකම් සංවර්ධනය, වීථි ආලෝකකරණය ආදී වූ ජනතාවගේ සුභ සිද්ධියට ඉවහල් වන සියළු පහසුකම් සැලසීම යන අරමුණු ලඟා කර ගැනීම වෙනුවෙන් සාමූහිකව ක්‍රියාකරනු ලබයි.ඒ අනුව වීරකැටිය ප්‍රාදේශීය සභාවේ ආදායම්, වියදම්, මූල්‍ය ප්‍රකාශන ආදී වූ මූල්‍ය කාර්ය සාධනයේ විශ්ලේෂණාත්මක ඉදිරිපත් කිරීම් මෙන්ම ආයතනික පැතිකඩ, මානව සම්පත් පැතිකඩ, තිරසාර සංවර්ධන අරමුණු කරා ඉලක්ක සහ දර්ශක මෙහෙයවීම ප්‍රජාව සහ විවිධ පාර්ශව සම්බන්ධීකරණය කර ගත් කමිටු මඟින් ජනතා ගැටළු හඳුනාගෙන විසඳුම් සකස් කිරීම ආදී වූ උපාය මාර්ගික මුලපිරීම් සහ අනාගතය සඳහා වන ඉදිරි දැක්මෙන් කටයුතු කිරීම මාගේ ඒකායන අරමුණයි.
ලේකම් - ඩබ්.කේ. සුරංග මයා
ලේකම්තුමාගේ පණිවිඩය කියවන්න
දිනෙන් දින නව තාක්ෂණයෙන් ඉදිරියට යන ලෝකය සමඟ අත්වැල් බැඳ ගනිමින් වීරකැටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ වෙසෙන ජනතාවට සහ සමස්ත මහ ජනතාවටම අප කාර්යාලයෙන් සැපයෙන සේවාවන් ඉක්මනින් හා ඉහළ ථලදාය්තාවයකින් යුතුව ලබාදීම අරමුණු කරගනිමින් සකස් කරන ලද මෙම වෙබ් අඩවිය මේ අයුරින් ඔබට ඉදිරිපත් කරමි. මෙය තුලින් බල ප්‍රදේශය තුළ අප ඉටුකරනු ලබන කාර්යයන් මෙන්ම දැවැන්ත සංවර්ධන ක්‍රියාවලීන් ද ආකර්ෂණීය ලෙස නිවැරදිව ජන හද තුළට ඉතා විනිවිදභාවයකින් යුක්තව සමීප කරවීමත් ජනතාවගේ සුභ සිද්ධිය නංවාලීම සඳහා වඩාත් ගුණාත්මක භාවයෙන් යුත් කාර්ය භාරයක් ඉෂ්ඨ කිරීමත් මාගේ ඒකායන අරමුණ බව සඳහන් කර සිටිමි.
නිතර අසන පැන
වීථිරේඛා සහතිකය ලබා ගැනීමට අවශ්‍ය ලියවිලි මොනවාද?
- නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
- ඉඩමට අදාල මිනින්දෝරු සැලැස්මේ පිටපත්
- ඔප්පුවේ පිටපත
කාබනික පොහොර කිලෝවක මිල කීයද?
පොහොර කි.ග්‍රෑ. 01 රුපියල් 20.00 කි
ජල බවුසරය වෙන්කරවා ගන්නේ කෙසේද?
- නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
ආදාහනාගාරය වෙන් කරවා ගන්නේ කෙසේද?
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
- මරණකරුගේ ජාතික හැඳුනුම්පතහි පිටපතක්
- මරණ ලියාපදිංචි කිරීමේ ලේකම් හෝ හදිසි මරණ පරීක්ෂක විසින් නිකුත් කරනු ලබන මරණ දැන්වීමේ සහතිකය හෝ මරණ ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක්.
අනුමත වීථී පහන් අළුත්වැඩියා කරගන්නේ කෙසේද?
- ලිඛිතව හෝ දුරකථන මාර්ගයෙන් ආයතනය දැනුවත් කිරීම.
පුවත් හා සිදුවීම්
-
2025.01.01 දින නව වසරේ රාජකාරී අරඹමින්.
තවදුරටත් කියවන්න... -
වීරකැටිය ප්‍රාදේශීය සභා වීරකැටිය පෙර පාසලෙහි දරුවන්ගේ වාර්ෂික සිඟිති පෙරහැර - 2024
තවදුරටත් කියවන්න... -
ගීත රසාස්වාදන වැඩසටහන.....
තවදුරටත් කියවන්න...
ව්‍යාපෘති
-
ජංගම පුස්තකාල සේවාව
වර්ග කි.මී. 181 කින් යුත් ග්‍රාම නිලධාරී වසම් 112 න් යුත් 93537 ක ජනගහණයක් වාසය කරන වීරකැටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය අඩු ආදායම්ලාභී ග්‍රාමීය කෘෂි ආර්ථිකය ප්‍රමුඛ කරගත් ජනතාවක් ජීවත් වන ප්‍රදේශයකි.
තවදුරටත් කියවන්න... -
හෙළ බොජුන් හල ව්‍යාපෘතිය
වර්තමානයේ වස විස අඩංගු ආහාර භාවිතය බහුලවීම තුළ බෝවන හා බෝ නොවන රෝග ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
තවදුරටත් කියවන්න... -
විද්‍යුත් පුස්තකාල ව්‍යාපෘතිය
වීරකැටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති පියසේන ලියනආරච්චි මැතිතුමාගේ සංකල්පයකට අනුව විශ්වීය දැනුම බල ප්‍රදේශයේ දරුවන් සමග බෙදාගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය බිහි වී ඇත.
තවදුරටත් කියවන්න...