වීරකැටිය ප්‍රාදේශිය සභාව

වීරකැටිය ප්‍රාදේශිය සභාව සතු වලස්මුල්ල වානිජ ගොඩනැගිල්ල වීදුරු යොදා සකස් කිරීම.

ටෙන්ඩර් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025  මැයි 20

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

ඓතිහාසික හා සංචාරක ස්ථාන

පස්මං හන්දිය

ස්ථානීය වශයෙන් ශ්‍රි ලංකාව තුළ පිහිටි සුවිශේෂී ලක්ෂණයක් වේ.

මුල්ගිරිගල රජමහා විහාරය

දේවානම්පියතිස්ස රජ සමයේ දෙතිස්ඵල බෝධීන් වහන්සේගේ ශාඛාවක් උඩමළුවේ වැඩ සිටින බව සිංහල බෝධි වංශයේ සඳහන් වේ.බාණක තෙරවරුන් වැඩසිටි බවටද අභිලේඛන මූලාශ්‍ර මඟින් සාක්ෂි දරයි.මහනුවර යුගයේ සිට පැවත එන දන් පෙරහැර වර්තමානයේ දක්නට ලැබෙන වැදගත් සංස්කෘතික අංගයකි.මහනුවර යුගයේ චිත්‍ර වලින් යුත් ලෙන් විහාර 07 ක් මෙහි දක්නට ඇත.

නයිගල රජමහා විහාරය

ක්‍රි.පූ. 04 වන සියවසට අයත් ඓතිහාසික ස්ථානයකි. වජ්‍රාසනය නිරූපණය වන ආසන ගලකින් යුක්තය.පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගවලට අයත් ඓතිහාසික ග්‍රන්ථ, ලිපි ලේඛන, කඩයිම් පොත්, පුස්කොළ පොත් වලින් යුක්තය.

උඩුකිරිවිල වැව

ඉංග්‍රීසීන් පාලන අවධියේදී සර් හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාර වරයා විසින් නිර්මාණය කරන ලද වාරි කර්මාන්තයකි. මෙහි වැව් බැම්මේ දිග දම්වැල් 30 කි. විශාලත්වය අක්කර 658 කි. ජල ධාරීතාවය අක්කර අඩි 3224 කි.

බිසෝගල ආරණ්‍ය සේනාසනය

රජ සමයේදී මුල්ගිරිගල රජමහා විහාරය ඉදි කිරීම් කටයුතු සිදු කරන අවධියේදී රජුගේ බිසෝවරුන් මෙහි වාසය කර ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ.පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් ලිපි කිහිපයක් ද පවතී.

කෙමේගල පන්සල

ක්‍රි.පූ. 05-06 සියවස් වල ඓතිහාසික තොරතුරු විද්‍යාමාන වේ. රහතුන් වැඩසිටි බවට පර්වත මුදුනේ ඔරුවක ආකාරයෙන් ජලය රැස් වන කෙමනක් විද්‍යාමාන වේ.

මුරුතවෙල ජලාශය

මෙම වැව් බැම්මේ දිග දම්වැල් 57 කි. විශාලත්වය අක්කර 1290 කි.ජල ධාරීතාවය අක්කර අඩි 38875 කි. ගිනි පෙට්ටි පාලමකින් ද යුක්ත වේ.

මීගස්ආර බිබුල

ස්වාභාවිකව උල්පත් ජලය නොසිඳෙන ස්ථානයකි

බැදිගම ගලබොඩ පුරාණ විහාරය

ක්‍රි.පූ. 04 – 05 සියවස් වල හමුවන මල් ආසනය පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත සාධකයකි.

බෝධිමළුව පුරාණ විහාරය

ක්‍රි.පූ. 5-6 සියවස් වලට අයත් නටඹුන් වලින් යුක්ත විහාරස්ථානයකි.මෙහි පවතින ප්‍රතිමා ගෘහය නුවර යුගයට අයත්ය. ලී කැටයම්, නාරිලතා ලියවැල, රාශි චක්‍රය, ජීවන වෘක්ෂය සංකේත කරන කොඩිය ඓතිහාසික වටිනාකමින් යුක්තය.

මැදගම සීගල පුරාණ විහාරය

ලංකාවේ ස්ථාන කිහිපයකින් පමණක් දැකගක හැකි ටැම්පිට ආකෘතියට අනුව නිර්මාණය කරන ලද විහාරයකි.මහනුවර යුගයට අයත් ලියකම් වලින් යුක්ත මෙම ටැම්පිට විහාර මාළිඟය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇත.

කොන්දගල රජමහා විහාරය

කාවන්තිස්ස රජ සමයේ මහානාග මහරහතන් වහන්සේ වැඩසිටි ඓතිහාසික ස්ථානයක් ලෙස මූලාශ්‍ර වල සඳහන් වේ.