පිහිටීම
භෞතික පිහිටීම - සීමා මායිම්
බටහිරින් හක්මණ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ද, උතුරින් කටුවන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ද, දකුණින් බෙලිඅත්ත ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ද, නැගෙනහිරින් තංගල්ල සහ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ද, වීරකැටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත්වන සීමා මායිම් ලෙස පෙන්වා ඇත.
භූගෝලීය ලක්ෂණ
බොහෝ දුරට රැලි බිම් ප්‍රදේශයක් වන මෙම බල ප්‍රදේශය තුළ වයඹ දිග කොටස මාතර සිට පැතිර එන හෙල් වැටි වලින් යුක්ත වන අතර, තැනින් තැන දක්නට ලැබෙන ශේෂ වූ හුදකලා කඳු වලින් ද, සමන්විත වී ඇත. එවැනි හුදකලා කඳුවලින් සමහරක් පහත දැක්වේ.
| නම | උස අඩි |
| මුල්ගිරිගල කන්ද | 592 |
| කැප්පිටි කන්ද | 492 |
| මල්පලා ගොඩැල්ල කන්ද | 431 |
| සීලවතී පර්වතය | 370 |
| යටිගල කන්ද | 350 |
| මොරකන්දගොඩ | 350 |
| පල්ලෙකන්ද | 325 |
| පිටකන්ද | 253 |
| ගෝනදෙනිය කන්ද | 169 |