ප්‍රසම්පාදන දැන්වීම 

වීරකැටිය ප්‍රාදේශිය සභාවේ කසළ කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා සෞඛ්‍යාරක්ෂිත හලර් යන්ත්‍රයක් මිලදී ගැනීමට මිල ගණන් කැඳවනු ලැබේ 

ටෙන්ඩර් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026  ජූලි 31

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

 

වීරකැටිය ප්‍රාදේශිය සභාව

සුනඛ වන්ධීකරණය සඳහා මිල ගණන් කැඳවීම

ටෙන්ඩර් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026  ජූලි  31

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

 පිහිටීම

භෞතික පිහිටීම - සීමා මායිම්

බටහිරින් හක්මණ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ද, උතුරින් කටුවන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ද, දකුණින් බෙලිඅත්ත ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ද, නැගෙනහිරින් තංගල්ල සහ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ද, වීරකැටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත්වන සීමා මායිම් ලෙස පෙන්වා ඇත.

 

භූගෝලීය ලක්ෂණ

බොහෝ දුරට රැලි බිම් ප්‍රදේශයක් වන මෙම බල ප්‍රදේශය තුළ වයඹ දිග කොටස මාතර සිට පැතිර එන හෙල් වැටි වලින් යුක්ත වන අතර, තැනින් තැන දක්නට ලැබෙන ශේෂ වූ හුදකලා කඳු වලින් ද, සමන්විත වී ඇත. එවැනි හුදකලා කඳුවලින් සමහරක් පහත දැක්වේ.

නම උස අඩි
 මුල්ගිරිගල කන්ද 592
 කැප්පිටි කන්ද 492
 මල්පලා ගොඩැල්ල කන්ද 431
 සීලවතී පර්වතය 370
 යටිගල කන්ද 350
 මොරකන්දගොඩ 350
 පල්ලෙකන්ද 325
 පිටකන්ද 253
 ගෝනදෙනිය කන්ද 169