වීරකැටිය ප්‍රාදේශිය සභාව

වීරකැටිය ප්‍රාදේශිය සභාව සතු වලස්මුල්ල වානිජ ගොඩනැගිල්ල වීදුරු යොදා සකස් කිරීම.

ටෙන්ඩර් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025  මැයි 20

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

පෙර පාසල්

 

බල ප්‍රදේශයේ දරුවන්ගේ පූර්ව ළමාවිය සංවර්ධනය නිරීම සඳහා වීරකැටිය ප්‍රාදේශිය සභාව මගින් පවත්වාගෙන යන පෙර පාසල් 02 කි. මෙම පෙර පාසල් දෙකෙහි දරුවන් 200 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබයි.

 

පෙර පාසල ග්‍රාම නිලධාරී වසම ආරම්භක වර්ෂය
වීරකැටිය වීරකැටිය බටහිර 1975
වලස්මුල්ල වලස්මුල්ල බටහිර 1976

 

  • ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී, සමෘද්ධිලාභී, ආරක්ෂක අංශවල නියුතු වයස සම්පූර්ණ දරුවන් සඳහා නොමිලයේ පූර්ව ළමා විය සංවර්ධනය කිරිම අපගේ ප්‍රධාන අරමුණ වේ.
  • මීට අමතරව වීරකැටිය ප්‍රාදේශීය සභාව මඟින් බල ප්‍රදේශයේ අනෙකුත් පෙර පාසල් අධීක්ෂණ කටයුතු සිදුකරමින් ප්‍රදේශයේ පූර්ව ළමාවිය සංවර්ධන කාර්යය වෙනුවෙන් මහඟු සමාජ මෙහෙවරක් ඉටුකරනු ලබයි.
  • සෙල්ලම් මිදුල සඳහා උපකරණ ලබා දී තිබීම, සෑම වර්ෂයකම පෙරපාසල් කටයුතු නවීකරණය, අලුත්වැඩියාව හා පවත්වාගෙන යාම සඳහා අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කිරීම කාර්ය මණ්ඩලය සඳහා වැටුප් දීමනා ගෙවීම,සිදු කරනු ලබයි.
  • පුර්ව ළමාවිය දරුවන් සඳහා සෞඛ්‍ය වැඩසටහන් ,පෝෂණ වැඩසටහන් ආකල්ප,කුසලතා සංවර්ධන වැඩසටහන්,රසවින්දන වැඩසටහන් ආදීය සිදු කරමින් දැන්ම කුසලතා වලින් පිරි සෞඛ්‍ය සම්පන්න දරුවන් පිරිසක් හෙට ලොවට දායාද කිරීම අපගේ අරමුණයි.