හෙළ බොජුන්හල
වස විස අඩංගු ආහාර භාවිතය බහුලවීම තුළ බෝවන හා බෝ නොවන රෝග ව්‍යාප්තිය ඉතා සීඝ්රයෙන් ඉහළ යමින් පවතින වත්මනේ. මේ තත්වය තුළ දේශීය ආහාර භාවිතයේ වැදගත්කම ඉස්මතු කරවමින් හිටපු ගරු සභාපති පියසේන ලියනආරච්චි මැතිතුමාගේ සංකල්පයකට අනුව දේශීය ආහාර පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමත් බල ප්‍රදේශයේ කාන්තාවන් සවිබල ගැන්වීමත් ප්‍රධාන අරමුණු කොට ගෙන ඇරඹි වීරකැටිය ප්‍රාදෙශීය සභා හෙළ බොජුන්හල.වීරකැටිය පොලිස් ස්ථානය අසල උඩුකිරිවිල ජලාශයට යාබදව පිහිටා ඇත.
හාත්පස පරිසර සුන්දරත්වයෙන් අනූන මෙහි පැමිණෙන ඹබ වෙනුවෙන් පෝෂණ ගුණය රැකෙන පරිදි ආහාර සකස් කිරීමත් ආහාර සකස් කිරීමේදී තිරිඟු පිටි යොදා නොගෙන සෑම විටම සහල් පිටි සෝයා, බඩ ඉරිඟු, කුරක්කන්, උඳු, තල, මුං, කව්පි ආදියෙන් සෑදූ ආහාර ද්‍රව්‍ය රස විඳිය හැකිවීමත් ඒ තුලින් නිරෝගී පරපුරක් දායාද කිරීමත් අපගේ අරමුණ වේ.







