වීරකැටිය ප්‍රාදේශිය සභාව

වීරකැටිය ප්‍රාදේශිය සභාව සතු වලස්මුල්ල වානිජ ගොඩනැගිල්ල වීදුරු යොදා සකස් කිරීම.

ටෙන්ඩර් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025  මැයි 20

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

ආදාහනාගාරය

 

රුහුණු ගිරුවාපත්තුවේ වීරකැටිය ප්‍රදේශයේ කොන්දගල ඓතිහාසික ග්‍රාමයේ මනරම් ප්‍රදේශයක උස් කඳු ගැටයක් මත ඉදි කරන ලද මෙම ආදාහනාගාරය වීරකැටිය ප්‍රාදේශීය සභාවට අයත් වේ.

මින් සැපයෙන සේවාව

මෙමඟින් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම බාහිර පිරිසටද සේවාව ලබා ගත හැකිය. තමාගේ ඥාතියාගේ ජීවිතයේ අවසන් මොහොත වෙනුවෙන් සේවාව ලබා දීම සඳහා සේවක මණ්ඩලය කැපව සිටී. මෙහි සේවාව 2020 වර්ෂයේ සිට ආරම්භ කර ඇත.

වෙන් කරවා ගැනීම

මෘත දේහයේ ආදාහනය කිරීම සඳහා කලින් වේලාවක් වෙන් කරවා ගැනීම සිදුකල යුතුය. දිනයේ පස්වරු 2, 4, 6 යන හෝරාවන්හි තම ඥාතියාගේ මෘත දේහය ආදාහනය කිරීමේ වේලාවක් තමාට පහසු පරිදි වෙන් කරවා ගත හැකිය.

මුලින්ම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයට පැමිණ අයදුම් පත්‍රයක් නිවැරදිව පුරවා මරණ දැන්වීමේ සහතිකය/ මරණ පරීක්ෂණ තැනගේ සහතිකය/ මරණ ලියාපදිංචි කිරීමේ ලේඛනය යන එක් ලේඛනයක්  සමඟ ඉදිරිපත් කළ යුතුය. අනතුරුව මුදල් ගෙවා අදාල වේලාව වෙන්කර ගත හැක.

මෙහිදී ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිට ආදාහනයක් සදහා රු.17,000.00 ක්ද බල ප්‍රදේශය තුළ ආදාහනයක් සඳහා රු.15,000.00 ක්ද අය කරනු ලබයි. ඉහත සඳහන් ගාස්තු පරිපාලනමය තීරණ මත කලින්කල වෙනස් වේ.

සියළු කටයුතු නිමාවීමෙන් පසුව ආදාහනාගාර පරිශ්‍රයේදී තම ඥාතියා වෙනුවෙන් මතක සටහනක් ලෙස පැළයක් රෝපණය කිරීමටද සේවාලාභීන්ට අවස්ථාව ඇත.