ගාස්තු සහ ගෙවීම්
වීරකැටිය ප්‍රාදේශීය සභාව විසින් බල ප්‍රදේශයේ ජනතාවගෙන් පහත පරිදි බදු අය කරනු ලබයි
කර්මාන්ත බදු
අවශ්‍ය මූලික සුදුසුකම්
බල ප‍්‍රදේශය තුළ කර්මාන්තයක් පවත්වාගෙන යාම.
නිර්නායක
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 150 වන වගන්තිය ප‍්‍රකාරව බල ප‍්‍රදේශය තුළ අදාළ කර්මාන්තය පවත්වාගෙන යාම.
කළ යුතු කාර්යයන්
කර්මාන්ත බද්ද ගෙවිමට යටත් තැනැත්තෙකුගෙන් එම බද්ද ගෙවන ලෙස ප්‍රාදේශීය සභාව විසින් ඉල්ලා සිටිමෙන් පසුව දින 7ක් ඇතුළත අදාළ බදු මුදල් ප්‍රාදේශීය සභාව වෙත ගෙවිය යුතු අතර, ගෙවීම පැහැර හැරියහොත් ප්‍රාදේශීය සභා ලේකම් වරයා විසින් එම පැහැර හැරීම සම්බන්ධව අධීකරණ ක්රියාමාර්ග ගනු ලබයි.
වැය වන මුදල
කර්මාන්තය පවත්වාගෙන යනු ලබන ස්ථානයේ වාර්ෂික වටිනාකම අනුව පහත සඳහන් පරිදි උපරිම සීමාවන්ට යටත්ව වෙළඳ බලපත‍්‍ර සඳහා ගාස්තු අය කරනු ලැබේ.
| වාර්ෂික වටිනාකම | බදු මුදල රුපියල් |
| රුපියල් 750.00 නොයික්මවන අවස්ථාවක | 500.00 |
| 750.00 ඉක්මවන එභෙත් රුපියල් 1500.00 නොයික්ම වන අවස්ථාවක | 750.00 |
| 1500.00 ඉක්මවන අවස්ථාවක | 1000.00 |
ව්‍යාපාර බදු
අවශ්‍යය මූලික සුදුසුකම්
බල ප්‍රදේශය තුල වෙළඳ බලපත්‍රයක් ලබා ගත යුතු නොවන්නා වූද , කර්මාන්ත බද්දකට යටත් නොවන්නා වූද යම් ව්‍යාපාරයක් පවත් වාගෙන යාම.
නිර්නායක
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 152 (1) වන වගන්තිය යටතේ ව්‍යාපාර බදු අය කිරීම සඳහා ප්‍රාදේශීය සභාව වෙත බලය පැවරි ඇත.
කළ යුතු කාර්යයන්
වෙළඳ ව්‍යාපාර බද්ද ගෙවීමට යටත් තැනැත්තකුගෙන් එම බද්ද ගෙවිමට ප්‍රාදේශීය සභාව ඉල්ලා සිටීමෙන් පසුව දින හතක් ඇතුළත අදාල ව්‍යාපාර බදු මුදල් සභාව වෙත ගෙවිමට කටයුතු කළ යුතු අතර, එම ගෙවීම පැහැර හැරිය හොත් ප්‍රාදේශීය සභා ලේකම් වරයා විසින් එම පැහැර හැරීම සම්බන්ධව අධීකරණ ක්රියාමාර්ග ගනු ලබයි.
වැය වන මුදල
බදු ගෙවීමට යටත් වෙළඳ ව්‍යාපාරයේ බද්ද ගෙවිය යුතු වර්ෂයට පෙර වර්ෂය සඳහා වූ ආදායම අනුව පහත සඳහන් බද්දක් අය කරනු ලැබේ.
| පෙර වර්ෂය සඳහා ව්‍යාපාරයේ ආදායම | බදු මුදල රුපියල් |
| රුපියල් 6000.00 නොයික්මවන අවස්ථාවක | බදු අදාළ නොවේ |
| රුපියල් 6000.00 ඉක්මවන හා රුපියල් 12000.00 නොයික්මවන අවස්ථාවක | 90.00 |
| රුපියල් 1200.00 ඉක්මවන හා රුපියල් 18750.00 නොයික්මවන අවස්ථාවක | 180.00 |
| රුපියල් 18750.00 ඉක්මවන හා රුපියල් 75000.00 නොයික්මවන අවස්ථාවක | 360.00 |
| රුපියල් 75000.00 ඉක්මවන හා රුපියල් 150000.00 නොයික්මවන අවස්ථාවක | 1200.00 |
| රුපියල් 150000.00 ඉක්මවන අවස්ථාවක | 3000.00 |
පොළ බදු අය කිරීම
වීරකැටිය ප්‍රාදේශීය සභාව විසින් ජාතික පුවත් පත්වල පල කරනු ලබන ටෙන්ඩර් දැන්වීමක් මඟින් වීරකැටිය , වලස්මුල්ල, මොරයාය, සහ කැකුණයාය මහජන සති පොළ වල බදු අය කිරීමේ අයිතිය ඉදිරිපත් වන ටෙන්ඩර් අතුරින් සාර්ථකම ටෙන්ඩර් කරු වෙත වාර්ශිකව පවරනු ලබයි.
රථ වාහන නැවතුම් ස්ථානය බදු අය කිරීම
වීරකැටිය ප්‍රාදේශීය සභාව විසින් ජාතික පුවත් පත්වල පල කරනු ලබන ටෙන්ඩර් දැන්වීමක් මඟින් වීරකැටිය රථවාහන නැවතුම් ස්ථානය,වලස්මුල්ල රථ වාහන නැවතුම් ස්ථානය සහ මුල්කිරිගල රථවාහන නැවතුම් ස්ථානය බදු අය කිරීමේ අයිතිය ඉදිරිපත් වන ටෙන්ඩර් අතුරින් සාර්ථකම ටෙන්ඩර් කරු වෙත වාර්ශිකව පවරනු ලබයි.
***
නීතිමය අධිකාරිය
1987 අංක 15 දරණ ප‍්‍රාදේශ්‍රීය සභා පනතේ සහ ඒ යටතේ සාධන ලද 1952 අංක 6 දරණ පළාත් පාලන ආයතන (සම්මත අතුරු ව්‍යවස්ථා) පනතෙහි විධි විධාන වලට යටත්ව ව්‍යාපාරික ස්ථානය බල ප‍්‍රදේශය තුළ පවත්වාගෙන යාම
ඉදිරිපත් කල යුතු ලිපි ලේඛණ
නිවැරදිව සම්පූර්ණ කරන අයදුම්පත
බලපත‍්‍රය ලබා ගැනීමේ ක‍්‍රියාවලිය
-
ප්‍රාදේශීය සභාවට පැමිණ වෙළඳ බල පත‍්‍ර ලබා ගැනීමේ අයදුම් පත‍්‍රයක් ලබා ගෙන නිවැරදිව සම්පූර්ණ කර නැවත සභාවට භාර දිය යුතුය.
-
ඉන්පසු සභාවේ නිළධාරීන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ ස්ථාන පරීක්ෂාවක් සිදු කරන අතර, අදාළ ව්‍යාපාරික ස්ථානය අදාළ නිර්නායකයන්ට අනුව පවත්වාගෙන ලබන්නේද යන්න සොයා බලයි.
-
අදාළ නිර්නායක සම්පූර්ණ කොට ඇත්නම් ප්‍රාදේශීය සභාව වෙත පැමිණ වෙළඳ බලපත‍්‍රය ලබා ගත යුතුයි.
-
අදාළ වර්ෂයේ මාර්තු 31වන විටත් වෙළඳ බලපත‍්‍රය ලබා ගැනීමට අපොහොසත් වන ව්‍යාපාරික ස්ථාන වලට අධිකරණ ක‍්‍රියා මාර්ග ගැනීමට සභාව ක‍්‍රියාකරනු ලබයි.
ගාස්තු අය කිරීම
-
ව්‍යාපාරික ස්ථානයේ වාර්ෂික වටිනාකම අනුව පහත සඳහන් පරිදි උපරිම සීමාවන්ට යටත්ව වෙළඳ බලපත‍්‍ර සඳහා ගාස්තු අය කරනු ලැබේ.
-
වාර්ෂික වටිනාකම රුපියල් 750.00 නොයික්මවන අවස්ථාවක රුපියල් 500.00ක ගාස්තුවක් අයකරනු ලබයි.
-
රුපියල් 750.00 ඉක්මවන එභෙත් රුපියල් 1500.00 නොයික්ම වන අවස්ථාවක රුපියල් 750.00ක ගාස්තුවක් අයකරනු ලබයි.
-
රුපියල් 1500.00 ඉක්මවන අවස්ථාවක රුපියල් 1000.00 ක ගාස්තුවක් අයකරනු ලබයි.
-
අදාළ වර්ෂයේ මාර්තු 31ට ප‍්‍රථම සතියේ දින වල පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා අදාළ බලපත‍්‍ර ගාස්තු ගෙවා බලපත‍්‍රය ලබා ගත හැකිය.
***
වීරකැටිය පස්මං හන්දිය අසල කඩකාමර කුලී.
වීරකැටිය පස්මං හන්දිය අසල වීරකැටිය ප්‍රාදේශීය සභාවට අයත් කඩ කාමර 4කි. තක්සේරු වටිනාකම මත සභාව විසින් තීරණය කරන ලද මුදලක් ඒවායෙන් මාස්පතා කුලිය ලෙස අය කරනු ලබයි. සෑම මසකම 10වෙනි දිනට බදු කුලී මුදල ගෙවිය යුතු අතර, 10වෙනි දින පසු වූ විට එක් දිනක් පාසා දිනකට ශත 50 බැඟින් කඩ කාමර වෙනුවෙන් දඩ මුදල් අය කරනු ලැබේ.
වීරකැටිය ප්‍රාදේශීය සභා පැරණි කාර්යාලය අසල කඩ කාමර කුලී.
වීරකැටිය ප්‍රා දේශීය සභා පැරණි කාර්යාලය අසල කඩ කාමර 03 කි. තක්සේරු වටිනාකම මත සභාව විසින් තීරණය කරන ලද මුදලක් ඒවායෙන් මාස්පතා කුලිය ලෙස අය කරනු ලබයි. සෑම මසකම 10වෙනි දිනට බදු කුලී මුදල ගෙවිය යුතු අතර, 10වෙනි දින පසු වූ විට එක් දිනක් පාසා දිනකට ශත 50 බැඟින් කඩ කාමර වෙනුවෙන් දඩ මුදල් අය කරනු ලැබේ
***