වීරකැටිය ප්‍රාදේශිය සභාව

වීරකැටිය ප්‍රාදේශිය සභාව සතු වලස්මුල්ල වානිජ ගොඩනැගිල්ල වීදුරු යොදා සකස් කිරීම.

ටෙන්ඩර් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025  මැයි 20

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

ඉතිහාසය

 

බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයෙන් පසුව ග්‍රාමීය මට්ටමේ පාලන ක්‍රමයක් වන දිස්ත්‍රික් සංවර්ධන සභාව මගින් ප්‍රධාන පාලනයන් සිදු කරමින් 1947 වසරේ වලස්මුල්ල සුළු නගර සභාවක් ලෙසත්, 1948 වසරේ වීරකැටිය ගම් සභාවක් ලෙසත් පත්කර ඇත. මින් වාරි කර්මාන්ත, කෘෂි කර්මාන්ත, අධ්‍යාපනය හා නඩු පසිඳ ලීම වැනි කටයුතු සිදුකර ඇත. වීරකැටිය ගම් සභාවේ 1945 – 1948 දක්වා ඩී.එම්. රජාපක්ෂ මැතිතුමාත් 1948 සිට 1960 සිට ඒ.එම්.එෆ් බණ්ඩාර මැතිතුමාත්, 1960 – 1965 දක්වා ජෝර්ජ් රාජපක්ෂ මැතිතුමාත් 1965-1970 ටී.ඩී. ෆ්‍රැන්සිස්කු මැතිතුමාත් 1970-1975 දක්වා ආරියදාස රාජපක්ෂ මැතිතුමාත් සභාපති ධූරයන් උසුලා ඇත.

            වලස්මුල්ල සුළු නගර සභාව මගින් හා වීරකැටිය ගම් සභාව මගින් 1975 වසරේ පෙර පාසල් 02 ක් ආරම්භ කර ඇත.ඉන්පසුව 1980 අංක 35 දරණ සංවර්ධන සභා පනතට අනුව සුළු නගර සභාව හා ගම් සභාව අහෝසි කරන ලදි. මෙම සුළු නගර සභාව හා ගම්සභාව පවත්වාගෙන ගිය සියලු කාර්යාල දිස්ත්‍රික් සංවර්ධන සභාව යටතේ පාලනය වන සංවර්ධන සභා උප කාර්යාල බවට පත්විය. ඒ අනුව වීරකැටිය හා වලස්මුල්ල සංවර්ධන සභා උප කාර්යාල ලෙස නම් කෙරුනු අතර, කොමසාරිස් පාලනය ඇතිවිය. 

            1985 වසරේ වීරකැටිය හා වලස්මුල්ල යන සංවර්ධන සභා උප කාර්යාල දෙකට පුස්තකාල 02 ක් ඇතිකරන ලදි. 1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනත ක්‍රියාත්මක වීමෙන් පසුව සංවර්ධන සභා උප කාර්යාල 02 අහෝසි වී එම බල ප්‍රදේශය ආවරණය වන පරිදි වීරකැටිය ප්‍රාදේශිය සභාව සංස්ථාපනය විය. ප්‍රාදේශිය ලේකම් කාර්යාල 03 කින් ආවරණය වන ග්‍රාම නිලධාරී වසම් 112 ක වපසරිය වීරකැටිය ප්‍රාදේශිය සභාවට අයත්ය. 1987.12.29 වන දින වීරකැටිය ප්‍රාදේශිය සභාව වීරකැටිය යන නාම පුවරුව සවිකිරීමත් ආයතන කටයුතු ඉටු කිරීමට පොදු මුද්‍රාව ලැබීමත් සිදුවිය. එදින සිට වීරකැටිය ප්‍රාදේශිය සභාවේ වලස්මුල්ල උප කාර්යාලයක් නම් කර මහජන සේවාවන් ඉටුකරන ලදි.

            වීරකැටිය ප්‍රාදේශිය සභාව සඳහා සභිකයින් පත්කර ගනු ලැබුවේ 1991.04.15 දිනය. එම ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සඳහා පළමු මංගල සභා රැස්වීම 1991.07.12 දින පැවැත්වුනි. ගරු සභාපතිධූරය විමල් දොන් ෆ්‍රැන්සිස්කු මහතා වූ අතර, උප සභාපති ධූරය ආර්.ඒ. සුගතදාස මහතා උසුලන ලදි. සභාවේ මන්ත්‍රී ධූර 19 කි. මෙම සභාව 1997 දක්වා පැවැත්විනි.

            1994 වර්ෂයේ විමල් දොන් ෆ්‍රැන්සිස්කු මහතා පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීමෙන් පසු උප සභාපති ධූරයට පත්ව සිටි ආර්. සුගතදාස මහතා සභාපති ධූරයට පත්වී 1997 දක්වා සංවර්ධන කටයුතු ඉටුකරන ලදි. මෙකල ලේකම් ධූරය හෙබවූ විමල් රුබසිංහ මහතා 1992.11.18 දින දක්වා  රාජකාරි කටයුතු සිදුකළ අතර, 1992.11.19 දින සිට ප්‍රේමදාස වික්‍රමසිංහ මුතුකුමාරණ මහතා 2007.01.15 දක්වා ලේකම් ධූරයේ කටයුතු කරන ලදි.

            1997.04.15 සිට 2002 දක්වා සභාපති ධූරය ගුණතිලක ජයසේකර මහතාත් උප සභාපති ධූරය ධර්මදාස විදානගම මහතාත් කටයුතු කරන ලදි. ඉන්පසු 2002.04.15 සිට නිමල් ෆ්‍රැන්සිස්කු මහතා සභාපති ලෙසත්, ඩබ්.ඩී. වීරසිංහ මහතා උප සභාපති ධූරයත් උසුලන ලදි. 2006.04.15 සිට ගුණතිලක ජයසේකර මහතා සභාපති ලෙසත් ඩබ්.ඩී. සුමිත් මහතා උප සභාපති ලෙස තේරී පත්විය. 2008 වසරේ උප සභාපතිව සිටි ඩබ්.ඩී. සුමිත් මහාත වියෝ වීමත් සමග පියසේන ලියනආරච්චි මහතා උප සභාපති විය. 2007.01.15 සිට 2008 ජනවාරි දක්වා වීරකැටිය ප්‍රාදේශිය සභාවේ ලේකම් ලෙස රම්‍යලතා ජයසිංහ මහත්මිය කටයුතු කරන ලදි. නැවතත් 2008 වසරේ රම්‍යලතා ජයසිංහ මහත්මිය ස්ථාන මාරුවීමෙන් අනතුරුව පියදාස රණසිංහ මහතා ලේකම් ධූරයේ කටයුතු කරන ලදී. පියදාස රණසිංහ මහතා 2010.05.19 විශ්‍රාම යාමෙන් අනතුරුව කේ.ඒ. අනුලාවතී මෙනවිය වැඩ බලන ලේකම් ලෙස කටයුතු කරන ලදි.

            2011.04.15 දින සිට වීරකැටිය ප්‍රාදේශිය සභාවේ සභාපති පියසේන ලියනආරච්චි මහතා තේරී පත්වූ අතර, ආර්.ජී. ජයවික්‍රම මහතා උප සභාපති ලෙස තේරී පත්විය. 2013.11.06 දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් වීරකැටිය ප්‍රාදේශිය සභාව නව කාර්යාලය විවෘත කරන ලදි.

            2014.08.15 දින සිට 2016.08.30 දක්වා කාලය පී.ඒ. ආරියරත්න මහතා ලේකම් ධූරය ඉසිලීය. 2016.08.30 දින සිට පී. නම්බුකාර ගමගේ මහතා ලේකම් ලෙස රාජකාරී ඉටුකළ අතර, 2017.07.14 දින සිට ජී.ඒ. නදීකා දිල්හානි මහත්මිය ලේකම් ධූරයේ කටයුතු කරන ලදි.

           2015.05.15 දින සිට 2018 අප්‍රේල් මස දක්වා විධායක බලය සභාවේ ලේකම්වරයාට පැවරී තිබිණි. ඉන්පසු 2018.04.10 දින සිට ගරු සභාපති ධූරයට පියසේන ලියනආරච්චි මහතා තේරී පත්වූ අතර, වරාහේන ලියනගේ අනුර ද අල්විස් මහතා උප සභාපති ධූරයට පත්වූයේ සභාවේ මන්ත්‍රී මණ්ඩලය 36 ක් වෙමිනි. මෙම ඡන්දය කොට්ඨාශ මට්ටමින් පැවැත්වීම මීට හේතුව විය. 2018.08.26 සිට 2019.01.22 දක්වා ඩබ්ලිව්.එම්. සිරියාවතී මහත්මිය වැඩ බලන ලේකම් ලෙස කටයුතු කළ අතර, 2019.01.22 දින සිට නැවතත් ලේකම් ධූරය ජී.ඒ. නදීකා දිල්හානි මහත්මිය විසින් ඉටු කරන ලදී.