විද්‍යුත් පුස්තකාල ව්‍යාපෘතිය
වීරකැටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති පියසේන ලියනආරච්චි මැතිතුමාගේ සංකල්පයකට අනුව විශ්වීය දැනුම බල ප්‍රදේශයේ දරුවන් සමග බෙදාගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය බිහි වී ඇත.
ව්‍යාපෘතිය සඳහා පළාත් නිශ්චිත අරමුදලින් රු. 1000000/- ක් සඳහා දායකත්වයෙන් ලැබී ඇති අතර, අනෙකුත් ප්‍රතිපාදන 2019 අයවැය මගින් වෙන් කර ඇත. ව්‍යාපෘතියේ ආරම්භක කාලය මාස 06 ක් වන අතර, මෙම ව්‍යාපෘතිය තිරසාර සංවර්ධන ව්‍යාපෘතියක් සේම ආදායම් ජනනය වන ව්‍යාපෘතියක් වශයෙන් වර්ග කිලෝමීටර් 181 කින් යුත් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 112 ක 93537 වන ජනතාව සඳහා සේවාවන් සැලසේ.
හැඳින්වීම
පුරවැසියන්ට නූතන අධ්‍යාපන රටාව සඳහා මෙමගින් ඉල්ලුම් කිරීමට අවස්ථාව සැලසෙන අතර, විද්‍යුත් පුස්තකාල පද්ධතිය ශ්‍රී ලංකාවේ නවීනතම අධ්‍යාපන ප්‍රවණතාවයක් වශයෙන් බල ප්‍රදේශයේ දරුවන්ට ලබාදීමට මේ මගින් අවස්ථාව සැලසේ. විද්‍යුත් පුස්තකාලය ආශ්‍රිත සේවා සමග සම්බන්ධ වී තොරතුරු රැස්කිරීම හා තොරතුරු ඩිජිටල් ආකෘතියක් තුළ ගබඩා කර ජාල හරහා ප්‍රවේශ වෙමින් තොරතුරු හුවමාරු කරගැනීමට ද මෙහිදී අවස්ථාව සැලසේ.
මෙම තත්වයන් හමුවේ ග්‍රාමීය වටපිටාවකට හිමිකම් පවතින වීරකැටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ඊ-පුස්තකාලය පහසුකම් අත්‍යවශ්‍යම ප්‍රදේශයකි. මේ තුලින් බල ප්‍රදේශයේ ප්‍රජාවට ඉතාමත් සහනදායී සහ කාර්යක්ෂමව ලෝකය සමග අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බව අපගේ විශ්වාසයයි. සේවා ඉටුකිරීමේ ව්‍යාපෘතියක් වශයෙන් මෙය හෙට ලොව දිනන ගෝලීය බුද්ධිමතුන් බිහිකරන ඉතාමත් ඵලදායී ව්‍යාපෘතියක් වනු ඇති බව අපගේ විශ්වාසයයි.
ව්‍යාපෘති පසුබිම
ප්‍රාදේශිය සභා බල ප්‍රාදේශය තුළ මහජන පුස්තකාල 02 ක් මේ වන විට පවත්වාගෙන යනු ලැබේ. භෞතික පහසුකම් අතින් අංග සම්පූර්ණ වීරකැටිය මහජන පුස්තකාලය තුළ විද්‍යුත් පුස්තකාලය ස්ථාපති කිරීමට අවශ්‍ය භෞතික පහසුකම් පවතින අතර, බල ප්‍රදේශයේ මහජනතාවට ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක ස්ථානගත වීමද විද්‍යුත් පුස්තකාලයක් ඉදිකිරීම වෙනුවෙන් ඉතාමත් පහසු කාර්යයක් වී ඇත.
ව්‍යාපෘතියේ අරමුණ
- විශ්වීය දැනුම කාර්යක්ෂමව ලබාගැනීම, බෙදා හදාගැනීම
- පුස්තකාලයට පාඨක ආකර්ශණය වැඩිකර ගැනීම
- සංචාරක මග පෙන්වීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම
ව්‍යාපෘතියේ නිමවුම හා ක්‍රියාකාරකම්
- ඊ-පොත් කියවීමේ පහසුකම් සඳහා පහසු ප්‍රවේශය
- අධ්‍යාපනික සංස්කෘතික දැනුම යාවත්කාලීන කිරීම හුවමාරු කිරීම
- කාල කළමනාකරණය
- නවීන දැනුම තොරතුරු ලබාගැනීම
- සංවිධාන සංවර්ධනය
- ව්‍යාපෘති ක්‍රියාකාරකම්
- පරිගණක කුසලතාවය වර්ධනය


