හෙළ බොජුන් හල ව්‍යාපෘතිය
වර්තමානයේ වස විස අඩංගු ආහාර භාවිතය බහුලවීම තුළ බෝවන හා බෝ නොවන රෝග ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මේ තත්වය තුළ දේශීය ආහාර භාවිතයේ වැදගත්කම ඉස්මතු වෙමින් පවතී. ආහාර පිළිබඳ ආයුර්වේදයේ දැක්වෙන තොරතුරු වලට අනුව ඒ මගින් ආයු, වර්ණ, සුඛ, බල, බුද්ධි, තුෂ්ටි, පුෂ්ටි, අඩිපතිනා (නොහොත් ඌර්ජා) යන දෑ දිවියට එකතු වේ.
නමුත් වර්තමානයේ වැරදි ආහාර පරිභෝජන රටාව සහ ආනයනික කෘතිම ආහාර වර්ග හේතුවෙන් එම අවස්ථාවන් මගහැරී ගොස් බෝ නොවන රෝග වලට ගොදුරුවීම බහුල තත්වයකි.
1970 වසරේ මෙම හෙළ බොජුන් හල් සංකල්පය බිහිවීමත් සමග කාන්තා ව්‍යාවසායකින් දේශීය ආහාර වර්ග නිෂ්පාදනය හා කල් තබා ගැනීමට පෙළඹවිණි. පෝෂණ ගුණය රැකෙන පරිදි ආහාර සකස් කිරීමත් ආහාර සකස් කිරීමේදී තිරිඟු පිටි යොදා නොගෙන සෑම විටම සහල් පිටි සෝයා, බඩ ඉරිඟු, කුරක්කන්, උඳු, තල, මුං, කව්පි ආදියෙන් සෑදූ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම තුලින් නිරෝගී පරපුරක් දායාද කිරීම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වේ.
ගරු සභාපති පියසේන ලියනආරච්චි මැතිතුමාගේ සංකල්පයකට අනුව වීරකැටිය පොලිස් ස්ථානය අසල උඩුකිරිවිල ජලාශයට යාබදව හෙළ බොජුන් හල ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. දේශීය ආහාර පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමත් බල ප්‍රදේශයේ කාන්තාවන් සවිබල ගැන්වීමත් මෙහි ප්‍රධාන අරමුණ වේ.
ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වාර්ෂික අයවැය මගින් වෙන් කරගැනීම, ආරම්භ කාර්යය වන අතර, මෙම ව්‍යාපෘතිය සමාජ සුභ සාධන තිරසාර සංවර්ධන ව්‍යාපෘතියක් වේ. ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් වශයෙන් වර්ග කිලෝමීටර් 181 කින් යුත් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 112 ක 93537 වන ජනතාවගේ නීරෝගී සෞඛ්‍ය වර්ධනය සඳහා අවස්ථාව සැලසේ.
ව්‍යාපෘති පසුබිම
වීරකැටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ග්‍රාමීය කෘෂි ආර්ථිකය කේන්ද්‍ර කරගනිමින් වර්ග කි.මී. 181 න් යුත් ග්‍රාම නිලධාරී 112 යුත් විශාල ප්‍රදේශයකි.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශය සහ පිහිටීම.
දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය හා වලස්මුල්ල, ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ඇතුළත් වන වීරකැටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙහි වීරකැටිය, මිද්දෙනිය ප්‍රධාන මාර්ගයේ උඩුකිරිවිල ජලාශයේ වැව අද්දර යෝජිත මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ස්ථානීය වේ.
ව්‍යාපෘතියේ මාතෘකාව - හෙළ බොජුන් හළක් ආරම්භ කිරීම
ව්‍යාපෘති අංශය - දේශිය ආහාරපාන ප්‍රවර්ධනය තුලින් ආදායම් උත්පාදනය
ක්‍රමවේදය
-
නාගරික සංවර්ධන අධිකාරිය මගින් මූලික ඉදිකිරීම් සිදුකර භාර දී ඇති හෙළ බොජුන් හළෙහි කුටි 12 සඳහා පවත්නා ඉඩ පහසුකම් යටතේ ව්‍යවසායකයන්ට ලබාදීමට හැකියාව පවතින අතර, කුරක්කන් තලප, ආප්ප, පිට්ටු, ඉඳිආප්ප, රොටී, තෝසේ, වඩේ, පැටිස්, උළුඳු වඩේ, කට්ලට්, රෝල්ස්, කැඳ වර්ග, මුරුක්කු, කැවිලි වර්ග, ඇට වර්ග, කිරිබත් ආදී විවිධ දේශිය කෑම වර්ග සේවාලාභීන් හට හඳුන්වාදීමට අදහස් කෙරේ.
-
වීරකැටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ආහාර නිෂ්පාදනය කරන්නන් අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණයක් මගින් (ප්‍රායෝගික පරීක්ෂණයක් සහිතව) මාස 06 ක කාලයක් සඳහා ගිවිසුම්ගතව තෝරා ගැනීම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිලධාරීන් මගින් හෙළ බොජුන්හළ සඳහා අවශ්‍ය පුහුණුව හා ආහාර තාක්ෂණය සම්බන්ධ අධීක්ෂණ සිදු කෙරේ.
-
එසේම මහජන සෞඛ්‍ය පරීක්ෂක මගින්ද ස්ථානීය පරීක්ෂාවක් සිදු කෙරේ.
-
ව්‍යවසායකයින් දිනක ආදායමෙන් 10% ක් වීරකැටිය ප්‍රාදේශිය සභාව වෙත ගෙවිය යුතු වේ.
-
ව්‍යවසායකයින් බඳවා ගැනීම හෙළ බොජුන් හල කාර්යයන් නිසි පරිදි විධිමත්ව ඉටුකිරීමට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම ව්‍යවසායකයින් ගිවිසුම්ගත කිරීම මගින් බිල්පත් පියවීම හා පවත්වා ගැනීමේ කටයුතු වෙනුවෙන් වන වියදම් ව්‍යවසායකයින් විසින් පියවීමටත් නඩත්තු කටයුතු, අලුත්වැඩියා කටයුතු, අඩුපාඩු සකස් කිරීම, ඉදිකිරීම් වීරකැටිය ප්‍රාදේශිය සභාව මගින් සිදුකිරීමට මෙහිදී සිදුවේ.


