වීරකැටිය ප්‍රාදේශිය සභාව

වීරකැටිය ප්‍රාදේශිය සභාව සතු වලස්මුල්ල වානිජ ගොඩනැගිල්ල වීදුරු යොදා සකස් කිරීම.

ටෙන්ඩර් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025  මැයි 20

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

ජංගම පුස්තකාල සේවාව

වර්ග කි.මී. 181 කින් යුත් ග්‍රාම නිලධාරී වසම් 112 න් යුත් 93537 ක ජනගහණයක් වාසය කරන වීරකැටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය අඩු ආදායම්ලාභී ග්‍රාමීය කෘෂි ආර්ථිකය ප්‍රමුඛ කරගත් ජනතාවක් ජීවත් වන ප්‍රදේශයකි. පාසල් 77 ක පමණ දරුවන් පාසල් අධ්‍යාපනය ලබන අතර, බල ප්‍රදේශයේම දරුවන් සඳහා මහජන පුස්තකාල 02 කින් පමණක් සේවාව ලබා දේ.

නමුත් විශාල වපසරියකින් යුත් බල ප්‍රදේශයේ මහජන පුස්තකාල දෙක මගින් ලබා දෙන සේවාව ප්‍රමාණවත් නොවන බැවින්, ඉතා දුෂ්කර ගම්මාන සඳහා ද මෙම සේවාව වඩාත් කාර්යක්ෂමව ලබාදීම මෙම ප්‍රජා සත්කාරක වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වේ. බල ප්‍රදේශයේ පාසල් දරුවන් ඇතුළු ප්‍රජාවට ගමින් ගමට ගොස් ඉතාමත් කාර්යක්ෂමව මෙම සේවාව ලබාදී පොත් පත් කියවීමේ පුරුද්ද වර්ධනය කර දැනුම, ගුණධර්ම, යහපත් ආකල්ප වලින් පිරිපුන් සමාජයක් බිහිකිරීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වේ. එම අරමුණ පෙරදැරි කර ගනිමින් ප්‍රාදේශිය සභාව මගින් ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් කිරීමට මේ මගින් හැකියාව ලැබෙනු ඇති බව අපගේ විශ්වාසයයි.

 ව්‍යාපෘතියේ අරමුණ

  • බල ප්‍රදේශයේ දූ දරුවන්ට, ප්‍රජාවට අවශ්‍ය දැනුම කාර්යක්ෂමව ලබාදීම.
  • ළමුන් සඳහා කුඩා කල සිට කියවීමේ පුරුද්ද ඇති කර පොත් පත් ජීවිතයට සමීප කිරීම.
  • යහපත් ආකල්ප හා ගුණවර්ධන වලින් පිරිපුන් සමාජයක් නිර්මාණය කිරීමට හැකි පමණින් දායක වීම.
  • ආයතනයක් වශයෙන් සේවාලාභීන්ට පහසුතා කාර්යක්ෂමව සේවාවක් ලබාදීම තුලින් විශ්වාසයක් ඇති කිරීම.
  • පුස්තකාලයට පාඨක ආකර්ෂණය වැඩි කරගැනීම.

 ව්‍යාපෘතියේ නිමවුම හා ක්‍රියාකාරකම්

  • පොත් කියවීමේ පහසුකම් සඳහා පහසු ප්‍රවේශයක් ලබාදීම.
  • අධ්‍යාපනික සංස්කෘතික දැනුම යාවත්කාලීන කිරීම හුවමාරු කිරීම, බෙදාහැරීම.
  • නවීන දැනුම හා තොරතුරු ලබාදීම.