"මූල්‍ය ප්‍රකාශන ,වාර්ෂික වාර්තා හා කාර්ය සාධනය ඇගයීම "
දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී.ඩබ්ලිව් ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.03.01 පස්වරුවේ ලබුදූව දක්ෂිණපාය අමාත්‍යාංශ සංකීර්ණයේ දී පැවැත්විණි .දකුණු පළාත් සභාව යටතේ පවතින අමාත්‍යාංශ ,දෙපාර්තමේන්තු හා පළාත් පාලන ආයතන විසින් 2022 වර්ෂයේ සකස් කර ජාතික විගණන කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පිරිසිදු විගණන මතයක් ලබාගත් ඇගයීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.මෙහිදී ගරු ආණ්ඩුකාරතුමාගේ සුරතින් සම්මානයෙන් පිදුම් ලබනු ලැබුවේ 2022 පිරිසිදු විගණන මතයක් ලබා ගනිමින් මූල්‍ය ප්‍රකාශන ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ ලෙස මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර තිබූ ආයතන වේ.ඒ අනුව වීරකැටිය ප්‍රාදේශීය සභාව විසින් 2022 වර්ෂය සඳහා පිළියෙළ කරන ලද වාර්ෂික වාර්තාව පළාත් පාලන ආයතන අංශ කාණ්ඩය යටතේ අනුකූලතා සහතිකයක් හිමිකර ගත් අතර එය ඇගයීම සඳහා සහතික පත්‍ර පිරිනැමීම ගරු ආණ්ඩුකාරතුමාගේ සුරතින් සිදු විය.මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධන ලේකම් නීතීඥ සුමිත් අලහකෝන් මහතා,ආණ්ඩුකාර ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය ඇතුළු දකුණු පළාත් සභාවේ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානීන්,කොමසාරිස්වරුන් ,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ,රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
