දැන්වීම 

වීරකැටිය ප්‍රාදේශීය සභාවට අයත් වලස්මුල්ල හා වීරකැටිය වරිපනම් සීමාවේ වරිපනම් බදු අය කිරීම සඳහා

සුදුසුකම්ලත් බාහිර පුද්ගලයින් දෙදෙන‍ෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ කැඳවනු ලැබේ.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026.08.31

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

හෙළ බොජුන්හල

 

වස විස අඩංගු ආහාර භාවිතය බහුලවීම තුළ බෝවන හා බෝ නොවන රෝග ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින වත්මනේ. මේ තත්වය තුළ දේශීය ආහාර භාවිතයේ වැදගත්කම ඉස්මතු කරවමින් හිටපු ගරු සභාපති පියසේන ලියනආරච්චි මැතිතුමාගේ සංකල්පයකට අනුව දේශීය ආහාර පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමත් බල ප්‍රදේශයේ කාන්තාවන් සවිබල ගැන්වීමත් ප්‍රධාන අරමුණු කොට ගෙන ඇරඹි වීරකැටිය ප්‍රාදෙශීය සභා හෙළ බොජුන්හල.වීරකැටිය පොලිස් ස්ථානය අසල උඩුකිරිවිල ජලාශයට යාබදව පිහිටා ඇත.

හාත්පස පරිසර සුන්දරත්වයෙන් අනූන මෙහි පැමිණෙන ඹබ වෙනුවෙන් පෝෂණ ගුණය රැකෙන පරිදි ආහාර සකස් කිරීමත් ආහාර සකස් කිරීමේදී තිරිඟු පිටි යොදා නොගෙන සෑම විටම සහල් පිටි සෝයා, බඩ ඉරිඟු, කුරක්කන්, උඳු, තල, මුං, කව්පි ආදියෙන් සෑදූ ආහාර ද්‍රව්‍ය රස විඳිය හැකිවීමත්  ඒ තුලින් නිරෝගී පරපුරක් දායාද කිරීමත් අපගේ අරමුණ වේ.